
බොලිවුඩ් සිනමාවෙන් මුලු ලොවක් වසඟයට පත්කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ලෙසින් කිරුළු පැළඳී ශ්‍රීදේවි 2018 වසරේ පෙබරවාරි 24 වැනිදා මෙලොවින් සමු ගත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 54ක් විය. මිය යන විට චිත්‍රපට 300කට පමණ ඇය දායක වී තිබුණි . චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමඟින් 1996 වසරේදී විවාහ වී සිනමාවෙන් දුරස් වුවත් වසර පහළොවකට පමණ පසු nglish Vinglish (2012) චිත්‍රපටයෙන් ඇය යළි සිනමා ලොවට පැමිණියා .
සැමියා සහ දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වෙහෙසෙන බිරියකගේ චරිතයකට එහිදී ඇය පණ පෙවූ අතර , එම චරිතය ලොව පුරා දහස් ගණනක් කාන්තාවන් නියෝජනය කරන්නක් විය . ආදායම් වාර්තා තැබීමට සමත් වූ nglish Vinglish චිත්‍රපටයේ 10 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ අවස්ථාවක් එම කණ්ඩායම සංවිධානය කර තිබේ .ඒ සමඟ nglish Vinglish චිත්‍රපටයේ ශ්‍රී දේවි ඇඳ සිටි සාරි වෙන්දේසි කිරීමට කටයුතු යොදා ඇත.මෙම සාරි වෙන්දේසි කිරීමෙන් පසු ලැබෙන මුදල් ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනයට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධානයකට යොමු කරන බව ත්‍රපටයේ අධ්‍යක්ෂිකා ගෞරි ෂින්ඩේ පවසා ඇත.අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියේ පසුගිය වසර 10ක පමණ කාලයක සිට තමන් මෙම සාරි සුරක්ෂිතව තබාගෙන සිටි බවත් ගැහැනු ළමයින්ට අධ්‍යාපනය ලබාදීම සඳහා ඒවා වෙන්දේසි කිරීම අර්ථාන්විත ක්‍රියාවක් බවයි.