
දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ද නිරන්තරයෙන් දේශගුණ විපර්යාස වලට මුහුණ දෙන රටක් වන හෙයින් අනාගතයේ සිදුවිය හැකි දේශගුණ විපත් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කාර්යාලය පිහිටුවනු ලබයි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් එම කාර්යාලයේ කාර්යභාරයන් සිදු කිරීමට නියමිත අතර මාලදිවයිනේ හිටපු ජනාධිපති වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහත්වරු ද දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා සහයෝගය පළ කරන පැවසේ.