shiva-rathri

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ බැතිමතුන්ගේ ඇදහීමට පාත්‍ර වූ පළමුවන දේවාත්මය ලෙස සැලකිය හැක්‌කේ ශිව හෙවත් ඉසුරු දෙවිඳු බව ප්‍රකට කරුණකි. සශ්‍රීකත්වයත් මිනිසුන්ගේ සතුන්ගේ බෝවීමත් දෙවියන්ගේ බලයෙන් සිදුවන බැව් ඇදහූ ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියන් ශිව දෙවිඳුන් ”පශුපති” යන නාමයෙන්ද හඳුන්වනු ලබයි.

ඉන්දියානු සම්භවයක්‌ ඇති දෙවි කෙනකු ලෙස ශිව දෙවියන් හැඳින්වුවදච රාවණ යුගයේදී ලංකා පුරයත් භාරතයත් ආශ්‍රිතව ජීවත්වූ ධ්‍යාන බල සම්පන්න මහාර්ෂිවරයකු වන ශිව දෙවිඳු බුද්ධෝත්පත්තියට පෙරාතුව ලොව පහල වී සිටි උතුමකු බව ෙඓතිහාසික තොරතුරුවලින් ප්‍රකට වේ.

ශ්‍රී ලාංකීය බැතිමතුන් අතරද ශිව දෙවියන් ඇදහීම රාවණා යුගයේ සිට පැවත එන්නක්‌ බව ක්‍රිස්‌තු පූර්ව පළමුවන සියවසත් තුන්වන සියවසත් අතර කාලය තුළ පිහිටුවා ඇති පැරණිතම ලාංකීය ශිලාලේඛනය තුළ බෞද්ධාaපාසකයන්ගේ නම් අතර ”ශිව” යන නාමයද සඳහන්ව තිබීම ඔවුන් මුල් කාලයේ සිටම ශිව හෙවත් ඊෂ්වර දෙවියන් ඇදහු බවට පවතින හොඳම සාක්‍ෂියකි. එදා මෙන් අදද බැතිමතුන් අතර සශ්‍රීකත්වයට ධනයට යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආදී ත්‍රිවිද්‍යාවටද ආයුර්වේද ශාස්‌ත්‍රයට හා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට මෙන්ම පොළෝගර්භයෙහි සැඟව ඇත්තා වූ වස්‌තුවට අධිපතිත්වය දරමින් සතුරන් මර්දනය කරමින් නඩු අවනඩු විස¹ යුක්‌තිය සාධාරණත්වය ඉටුකොට සාධු ජනයාට ශාන්තියත් ආරක්‍ෂාවත් ලෞකික දියුණුවත් නොඅඩුව ලබාදෙන සර්ව භුභවාදී දේවාත්මයක්‌ ලෙස ශිව දෙවිඳු සකල ලෝ වාසීන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේය.

තම පිහිට අයෑද සිටින්නාවූ ඕනෑම අවස්‌ථාවක දේවාශීර්වාදය නොඅඩුව ලබාදීම ශිව දෙවියන් සතු විශේෂ ගුණාංගයකි. එබැවින් ලෞකික සැපත සඳහා පිහිට බලාපොරොත්තු වන බව තම නිවසේදී හෝ ශිව දෙවියන් වැඩසිටින දෙවොලකදී උන්වහන්සේ තුටු පහටු කිරීමේ අරමුණින් යුතුව ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් සුවඳදුම් සුදු තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටා අනතුරුව ශිව දෙවියන් උදෙසා අබතෙල්, තලතෙල්, කොහොඹතෙල් යන එක්‌ තෙල් වර්ගයකින් පහනක්‌ දල්වා සුදුමල් වර්ග පූජා කරන්න. සියලු පූජාවන් බුලත් මත තැබිම සුබදායකය. සුවඳ දුම් ලෙස සුදු හඳුන් හල්දුම්මල, සාම්භ්‍රානි දේවදාර, රත්හඳුන් හොඳින් වියලා කුඩුකර දුම් අල්ලා ශිව දෙවියන් වෙනුවෙන් ගැයෙන නමස්‌කාර ගාථා, ස්‌ත්‍රොaත්‍ර ආදිය ගායනා කර පිං අනුමෝදන් කර පහත දැක්‌වෙන ඊෂ්වර උමා ස්‌ත්‍රොaත්‍රය දිනපතා උදේ සවස 7 වර බැගින් ගායනා කිරීමෙන් ඔබ වෙත පැමිණෙන්නා වූ සියලු දුක්‌ කරදර නිමාකර ගනිමින් නොසිතූ විරූ ධන සම්පත් සකල සෞභාග්‍ය උදාකරගෙන සතුටින් සහනයෙන් දිවි ගෙවීමේ වාසනාව ඔබ වෙත උදාවේ

ඊශ්වර උමා ස්‌තෝත්‍රය

නමඃ සර්ව ස්‌වරූපේච –

නමඃ කල්‍යාණ දායිකේ

මහාසම්පත් පුද දේවි –

ධනදොයෛ නමස්‌තුතේ

මහභෝග පුදා දේවි –

මහා පුපුරිතේ

සුඛ මෝක්‌ෂ පුදේදේවි –

ධනදායේ නමස්‌තුතේ

බ්‍රහ්ම රූපේ සදා නන්දේ –

සදානන්ද ස්‌වරුපිනි

ද්‍රeත සිද්ධි පූදේ දේවි –

ධනදායේ නමස්‌තුතේ……..

උදේත් සූර්ය ප්‍රකාශභේ –

උදේ ද්‍රFදිත්‍ය මණ්‌ඩලේ

ශිව තත්ව පූදේදේවි –

ධනදායේ නමස්‌තුතේ…

විෂ්ණුරූපේ විශ්වමතේ –

විශ්වපාලන කාරිනී

මහසත්තව ගුණක්‍රාන්තේ –

ධනදායේ

නමස්‌තුතේ….

ශිවරූපේ ශිවා නන්දේ –

කාරණං නන්ද විග්‍රහේ

විශ්ව සංහාර රූපේව –

ධනදායේ නමස්‌තුතේ

පංචතත්ව ස්‌වරූපේච –

පංචාරන සදාරතේ

සාධකා භිෂ්ටදා දේවි –

ධනදායේ නමස්‌තුතේ

About The Author

Leave a Reply