image_0869231e03

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම විසින් ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට සමත්ව තිබේ. මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් එම මදුරු විශේෂය වාර්තා වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ දිස්නක දිසානායක මහතා පවසයි.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමති මෙමෙ විශේෂය දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබේ. මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක් ද නැද්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුළ ද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් විය. එම මදුරුවා ඉන්දියාව තුළ මොලේ මැලේසියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුළ වාහකයෙක්ද නැත්ද යන පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එම මදුරුවා වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී.

සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින් විසින් මෑත කාලය තුළ නව මදුරු විශේෂ 03 ක් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇත. මෑත කාලය තුළ මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති විය භැකිය.

About The Author

Leave a Reply