WhatsApp Image 2022-10-20 at 07.34.39

සාරංගයි දිනක්ෂියි කියන්නේ අපේ රටේ ජනප්‍රියතම කලා යුවලක් කිව්වොත් නිවැරදියි.මේ යුවල පුංචි දියනියකුත් එක්ක හරිම ආදරයෙන් ජිවත් වෙනවා. පුංචි දියනියගේ නම තමයි සාරන්යා.ඉතින් පුංචි සාරන්යාගේ මව විදිහට දිනක්ෂිට මුහුණ දෙන්න සිදුවුණු අත්දැකීම් ගැන ඇය යුටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට මේ විදිහට පවසා තිබුණා.

“හැම අම්මා කෙනෙක්ම එක වගේ නෙවෙයි. අම්මගෙන් අම්මට වෙනස්. හැමෝටම කියන්න බෑ අවුරුදු දෙකක් තුනක් යනකම් මවුකිරි දෙන්න කියලා. formular දෙන්න එපා කියන්න හොඳ නැහැ. කාටවත් ඒක තීරණය කරන්න බැහැ. මොකද අම්මා කෙනෙක් තමයි දන්නෙ තමන්ගේ දරුවා හදන්න ඕනි ඕනේ කොහොමද කියලා. අම්මා කෙනෙක් දන්නවා කිරි දෙද්දී විඳින වේදනාව දෙන්න බැරි උනහම දැනෙන දුක. ඒක දන්නේ අම්මා කෙනෙක්. මම බබා හම්බ වෙන්න කලින් ඒ ඔක්කොම ඉගෙන ගත්තා. නමුත් බබා හම්බුනාට පස්සෙ ප්‍රායෝගිකව ඒක අපි කරන්න ගියාම විවිධ ප්‍රශ්න ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒක සමාජයට තේරෙන්නැහැ. අපි දෙන්නා සෑහෙන්න බබාට කිරි දෙන්න උත්සාහ කළා. මට බයයි හරියට පෙවුණේ නැද්ද කියලා. ඒ නිසාම මම ගොඩක් පීඩනෙන් හිටියේ. ඊට පස්සේ මම කිරි දොවලා පෙව්වා බබාට. සමහර දවස් වලට මට කිරි මදි. එතකොට මම formula දුන්නා. සමහර දවසට බබා කිරි බොන් නැති උනහම සාරංගයි මායි බදාගෙන අඬනවා. මොකද බබා කිරි බොන්නැති නිසා බයයි”

About The Author

Leave a Reply