R

දත් බෙහෙත් වල එකම ප්‍රයෝජනය දත් මැදීමට භාවිත කරන එක විතරමද? නැහැ. දත් බෙහෙත් වලින් අපේ ගෙදරදොර වැඩකටයුතු පහසුකරගන්න පුළුවන් ක්‍රම ‍රැසක් ම තිබෙනවා.ඉතින්, අද අපි ඔබට කියන්නේ දත් මදින්න විතරක් භාවිත කරපු දත් බෙහෙත් වලින් ප්‍රායෝගිකව ඔබට ලබාගන්න පුළුවන් අපූරු වෙනත් ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

1.කරදරකාර පැල්ලම් ඉවත්කරගැනීමට

වල් ගස් කහට,තොල් ආලේපන,තීන්ත,සෝස් වැනි දේවල් ඇඳුම් වලට වැටීමෙන් ඇතිවූ පැල්ලම් ඉවත්කරගැනීමට මෙය හොඳ ක්‍රමයක්.දත් බෙහෙත් ස්වල්පයක් පැල්ලම් මත ගල්වා,බුරුසුවකින් අතුල්ලන්න.ටික වෙලාවක් වියළෙන්නට තබා උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.සුදු පැහැති ඇඳුම් වලට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වුණත් විවිධ වර්ණ වල ඇඳුම් සඳහා සුදු දත් බෙහෙත් භාවිත නොකර සිටින තරමට වඩාත් සුදුසු වේවි.

2.දුරකථන තිරයේ වැදී ඇති ඇඟිලි සලකුණු ඉවත්කරගැනීමට

ඇඟිලි වලින් හසුරුවන නිසා ස්මාර්ට් දුරකථන තිරයේ (ස්ක්‍රීන් එකේ) සලකුණු හිටිනවා.මේවා ඉවත් කරගැනීමට ඒ සඳහා භාවිත වන විශේෂ රෙදි කැබැල්ලක් නැත්නම්, දත් බෙහෙත් ස්වල්පයක් තිරය මත ආලේප කර ටිෂු එකකින් අතුල්ලන්න.

3.දුරකථන තිරයේ සීරීම් ඇත්නම් ඒවා ඉවත්කරගැනීමට

නිසි ආරක්ෂක ආවරණයක් (කවරයක්) නොයෙදූ විට දුරකථනයේ තිරය හා පි‍ටුපස කොටස නිතිපතා භාවිතයේදී කුඩා සීරීම් හානි වලට ලක්විය හැකියි.දත්බෙහෙත් භාවිතයෙන් මේවා බොහෝදුරට ඉවත්කරගත හැකියි. රෙදි කැබැල්ලකට දත් බෙහෙත් ස්වල්පයක් දමා, ඉතා ප්‍රවේසමින් එම මතුපිට වල මෘදුව අතුල්ලන්න.වැඩිපුර ගැල්වුණු දත් බෙහෙත් රෙදි කැබැල්ලකින් පිසදමා ඉවත්කර වියළෙන්නට හරින්න. මින් සීරීම් සම්පූර්ණයෙන් අතුරුදහන් වී නොගියත් එම පැළුම් සීල් තබමින් වඩාත් සුමට කරයි.

4.ආභරණ වලට අලුත් පෙනුමක් ලබාදෙයි

පරණ වී ගොස් ඇති දුර්වර්ණ වූ ආභරණ වලට දිලිසෙන අලුත් පෙනුමක් ලබාදීමට, තෙත දත් බුරුසුවකට දත් බෙහෙත් ස්වල්පයක් දමා එම ආභරණ මෘදුව අතුල්ලා, උණුසුම් වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න.මේ ක්‍රමය රන්,රිදී,දියමන්ති ආදි ඕනෑම ආභරණයකට සුදුසුයි.

5.මාර්කර් පෑන් (marker pen) පැල්ලම් ඉවත්කරගැනීමට

කුඩා ළමුන් ඉන්න බොහෝ නිවෙස් වල මාර්කර් පෑන්, පාටකූරු වැනි පහසුවෙන් ඉවත්නොවන තීන්ත සහිත දේවල් වලින් බිත්ති, වීදුරු වල ඇඳපු පැල්ලම් දකින්න පුළුවන්.මේවා බොහෝදුරට ඉවත්කරගැනීමට දත් බෙහෙත් ප්‍රයෝජනවත්.තෙත් කරගත් රෙදි කැබැල්ලකට දත් බෙහෙත් දමා පැල්ලම් ඇති තැන් අතුල්ලන්න.

6.කාපට් පැල්ලම් ඉවත්කරගැනීමට

කාපට් වල ඇති තද පැල්ලම් ඉවත්කරගැනීමට ඒව සෝදන විට, පැල්ලම් මත දත් බෙහෙත් ආලේප කර ස්පොන්ජ් හෝ තෙත රෙදි එකකින් අතුල්ලන්න.පසුව කාපට් වතුරෙන් සෝදාහරින්න.සම්පූර්ණයෙන් වියළුණු පසු වැකියුම් එකකින් වැඩිදුරටත් පිරිසිදු කරගන්න.

7.කණ්ණාඩි වල මීදුම බැඳී තිබෙන විට.

උණුසුම් වතුර ස්නානය කළ පසු නාන කාමරයේ කණ්ණාඩිය මුහුණ නොපෙනෙන තරමටම වාෂ්ප වලින් වැසී යයි. මීට පිළියමක් ලෙස ස්නානය කිරීමට කළින් දත් බෙහෙත් ස්වල්පයක් කණ්ණාඩියේ වීදුරුවේ අතුල්ලන්න.පසුව තෙත රෙදි කැබැල්ලකින් එය හොඳින් පිසදමන්න.

8.වාහන වල හෙඩ්ලයිට් පැහැදිලිව පෙනෙන ලෙස තබාගැනීමට

රෙදි කැබැල්ලකට දත් බෙහෙත් ස්වල්පයක දමා හෙඩ්ලයිට් ආවරණය මතුපිට හොඳින් පිසදමන්න.

9.නිතර නිතර ඇඟිලි ස්පර්ෂ වීමෙන් සංගීත භාණ්ඩ වල අවපැහැ වී ඇතිවිට

පියානෝ,ඕගන්,මෙලෝඩිකා වැනි සංගීත භාණ්ඩ වල keys කහ පැහැයකට හැරෙයි.තෙත රෙදි කැබැල්ලකට දත් බෙහෙත් ස්වල්පයක් දමා ,මෘදුව ඒවා මත අතුල්ලමින් පිරිසිදු කරගන්න.

10.ලී භාණ්ඩ මතුපිට ඇතිවි ඇති පැල්ලම් පහසුවෙන් ඉවත් කරගැනීමට

දත් බෙහෙත් ස්වල්පයක් සහ වියළි රෙදි කැබැල්ලක් ප්‍රමාණවත්. පැල්ලම මත දත් බෙහෙත් ස්වල්පයක් අතුල්ලා රෙදි කැබැල්ලෙන් පිසදමන්න.ඔබට ඒ සඳහා රසායනික සේදුම් දියර වර්ග අවශ්‍ය වන්නේ නැහැ.

11.පරණ වී ගිය ජල කරාම මතුපිට ඔප දැමීමට

කරාමය අරින විට හා වසා දමන විට කාලයක් යද්දී එහි මතුපිට කලු හෝ කහ පැහැයකට හැරී දුර්වර්ණ වේ.මෙම පැල්ලම් ඉවත්කරගැනීමට දත් බෙහෙත් ස්වල්පයක් ඒ මත ආලේප කර අතුල්ලන්න.පසුව රෙදි කැබැල්ලකින් පිසදමන්න.

12.ඉස්ත්‍රික්කයේ අඩිය හොඳින් පිරිසිදු කරගැනීමට

විදුලි ඉස්ත්‍රික්කයේ (iron) එකේ අඩිය කලු පැහැයට හැරී ඇත්නම්, එය පිරිසිදු කරගැනීමට දත්බෙහෙත් ස්වල්පයක් ගල්වා හොඳින් අතුල්ලමින් රෙදි කැබැල්ලකින් පිසදමන්න.

13.අත් වල දුගඳ ඉවත්කරගැනීමට

සුදුලූණු, ලූණු, මාලු, මස් ආදි අත් වල දුර්ගන්ධය ඇතිකරන ආහාර පිසීමෙන් පසු ඒවා ඉවත්කරගැනීම පහසු නැහැ. දත් බෙහෙත් ස්වල්පයක් අත් වල අතුල්ලාගෙන සෝදාගැනීමෙන් ඉතාම ඉක්මනින් එම දුර්ගන්ධයන් සමෙන් ඉවත්කරගන්නට ඔබට හැකියි.

14.නිය ආලේපන ඉවත්කළ පසු නියපොතු පිරිසිදු කරගැනීමට

නියපොතු පිරිසිදු කරගැනීම සඳහාත් දත් බෙහෙත් භාවිතා කල හැකියි. නියපොතු මත දත් බෙහෙත් ස්වල්පයක් බැගින් ගල්වා ආවරණය කර මිනිත්තු කිහිපයක් තිබෙන්නට හරින්න. පසුව ජලයෙන් ඇඟිලි සෝදා පිරිසිදු කරගන්න.

15.ගොගල්ස් වල මීදුම බැඳීම වළක්වාගැනීමට

පිහිනන විට ගොගල්ස් (swimming goggles) වල වාෂ්ප ඇතිවීම වළක්වාගැනීමට, ඒව මත සිහින් තට්‍ටුවක් සේ දත් බෙහෙත් ආලේප කරගන්න. පසුව පිරිසිදු ජලයෙන් එය සෝදා පිරිසිදු කරගන්න.

16.සපත්තු අඩි වල වට දාරය සුදු කරගැනීමට

පරණ දත් බුරුසුවකට සුදු දත් බෙහෙත් වර්ගයක් ගෙන සපත්තු අඩියේ වට දාරයේ අලෑප කරගන්න. වියළෙන්නට තබා පලඳින්න.සපත්තු අඩිය සෝදා පිරිසිදු කරගැනීමට තරම් කාලයක් නැති විට මේ ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්!

 

-අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද සටහනකී-

About The Author

Leave a Reply