1.බර අඩුකරගැනීමට සහය වේ
පෝෂණ ගුණයෙන් අනූන නිසා කෙසෙල් බර අඩුකරගැනීමට උත්සහ කරන අයට ඉතා හිතකර අතුරුආහාරයක් වෙනවා.කැලරි අන්තර්ගතය 105ක් ලෙස දැක්වෙන කෙසෙල් වල ඉහළ තන්තු අන්තර්ගතයක් ද තිබෙනවා.තන්තු බහුල ආහාර බර රාත්තල් කිහිපයකින්ම අඩුවීමට හොඳ සහයක් ලබාදෙන බව සොයාගෙන තිබෙනවා.තන්තු ජීර්ණය වීමට වැඩි කාලයක් ගන්නා නිසා බඩ පිරුණු ස්වභාවයකින් පවතින කාලය වැඩියි.එම නිසා නිතර බඩගිනි ඇතිවීම් බොහෝ දුරට පාලනය වෙනවා. අනවශ්‍ය ලෙස ආහාර ගනිමින් කැලරි ශරීරගත වීම මේ නිසා අඩුවෙනවා.මින් සිරුරේ බර තවත් වැඩිවීමට ඇති අවදානම ද අවම වෙනවා.
2.බඩේ අපහසුතා සමනය කරයි. ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි.
බඩපපුවේ දැවිල්ල,ආමාශයේ වණ,මලබද්ධය වැනි ආමාශයිය ආන්ත්රික ගැටලු සමනය කිරීමට කෙසෙල් වල ඇති ගුණ වලට හැකි බව පෙන්වාදෙනවා.ඊට අමතරව බඩවැල් හොඳින් පිරිසිදු කිරීම ද සිදුකරයි.විශේෂයෙන්ම කොළ (අමු) කෙසෙල් බඩවැල් වල හිතකර බැක්ටීරියා පෝෂණය කිරීමට සහය වේ.මේවා වෑංජනයක් ලෙස සකසා ආහාරයට එක්කරගන්න. ජීර්ණයේදී බිඳී නොයන පිෂ්ටයක් මේවායේ ඇති අතර ඒවා මහාන්ත්‍රය දිගේ පහළට විත් බැක්ටීරියාවන්ට ආහාරයක් වේ.මේ හරහා ජීර්ණ ක්‍රියාවලිය ද වඩාත් ක්‍රමවත් වේ.
3.රුධිර සීනි මට්ටම් අඩුකරයි
පෙක්ටින් යනු ජල ද්‍රාව්‍ය තන්තු විශේෂයක්. මේවායේ මාංශ පේශි ව්‍යුහා පවත්වාගැනීමට සහය වේ.කැරට්,බෝංචි, අර්තාපල්,ඇපල් ,පීච් මෙන්ම කෙසෙල් වල ද මේවා බහුලයි.පෙක්ටින් කෙසෙල් වල ඇති පිෂ්ටය සමඟ මිශ්‍ර වීමෙන් රුධිර සීනි මට්ටම් නියාමනයට අවශ්‍ය සහය ලබාදෙනවා.අධි සාන්ද්‍ර රුධිර සීනි මට්ටම් සාමාන්‍ය තත්වයට ගෙන ඒමට බොහෝ දුරට සහය වේ.කෙසෙල් අඩු ග්ලයිසමික් දර්ශක අගයක් ඇති පලතුරක් නිසා සිරුරට හිතකරයි.
4.විශාදයීය ලක්ෂණ වර්ධනය වීම පාලනය කරයි
කෙසෙල් වල අඩංගු ට්‍රිප්ටොෆන් නම් සංඝටක ඔබේ මනෝභාවය (mood) යහපත් කරවන, ප්‍රීතියක් දනවන සෙරටොනින් හෝර්මෝන ස්රාවය වීමට සහය වේ.
5.සිරුරට හොඳ පොටෑසියම් පෝෂණයක් ලබාදෙයි
පොටෑසියම් යනු මාංශ පේශී ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් ඛනිජ ලවනයක්. විශේෂයෙන්ම ශ්වසනය හා හෘද ස්පන්දන ක්රියාකාරීත්වයන්ට අදාළ පේශී ක්‍රමවත්ව ක්‍රියාකිරීමට මේවා ඉතා වැදගත්.දිනකට පොටෑසියම් මිලිග්‍රෑම් 3500-4700ක් පමණ ලබාගත යුතු බව නිර්දේශයයි.කෙසෙල් ගෙඩියම පොටෑසියම් ග්‍රෑම් 422ක් පමණ අඩංගුයි.පොටෑසියම් ඉහළ අන්තර්ගතයක් ඇති නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය ද හොඳින් නියාමනය වේ.ආඝාත (අංශබාග) අවදානම් අවම වීමට සහය දේ.
6.හෘදය ශක්තිමත් කරයි
පොටෑසියම් හා තන්තු බහුල ආහාරයක් නිසා කෙසෙල් ඔබේ හෘදයට ඉතා හිතකරයි.කෙසෙල් වල අඩංගු පෝෂණ ගුණ හෘද රෝග ,හෘදයාබාධ වැනි අවදානම් බොහෝදුරට අවම කරවයි.පොටෑසියම් ඔබේ රුධිර පීඩනය මෙන්ම ශරීර ආතතිය ද අඩුකරයි.
7.එදිනෙදා ව්‍යායාම් වලට සහය දේ
ව්‍යායාම කරන අතරවාරයේදී හොඳ අතුරුආහාරයක් ලෙස කෙසෙල් ගෙඩි ආහාරයට එක්කරගැනීමට ඔබට හැකියි.පොටෑසියම් මෙන්ම පිෂ්ටය ද අඩංගු නිසා කෙසෙල් ඔබේ ශරීර ශක්තිය ඉහළ දමයි.එමෙන්ම පේශී ප්‍රකෘතිමත් වීමට ද හොඳ සහයක් ලැබෙයි. දහඩිය සමඟ සිරුරෙන් ඉවත්වන ඉලෙක්ට්‍රොලයිට හෙවත් වැදගත් ඛනිජ ලවණ ප්‍රමාණයක් කෙසෙල් ආහාරයට ගැනීමෙන් සිරුරට නැවත ලබාගත හැකියි. ක්‍රීඩා පාන වර්ග වලට වඩා කෙසෙල් සෞඛ්යාරක්ෂිත ආහාරයක් වන්නේ ඒ නිසයි.
8.සිරුරට හොඳ මැග්නීසියම් පෝෂණයක් ලැබේ
ශරීර ක්‍රියාවලීන් රැසකටම මැග්නීසියම් යනු අත්‍යවශ්‍ය පෝෂකයක්.කෙසෙල් ගෙඩියක අපේ සිරුරේ දෛනික මැග්නීසියම් අවශ්‍යතාවෙන් 6%ක් පමණ අඩංගුයි.මැග්නීසියම් ස්නායු හා මාංශ පේශී ක්‍රියාවලින්ට සහය වෙනවා වගේම හෘද සෞඛ්‍යයට ද ඉතා වැදගත්.
9.අස්ථි ශක්තිමට වීමට සහය දේ
ෆෘක්ටො යනු අස්ථි වල සෞඛ්‍ය සම්පන්න බව වැඩිකරවන අඩු කැලරි කාබෝහයිඩ්රේටයකි.මේවා අපේ සිරුරට කැල්සියම් පහසුවෙන් උරාගැනීමට සහය වේ. කැල්සියම් යනු අස්ථි නිර්මාණය වීමට අත්‍යවශ්‍ය පෝෂකයකි.මීට අමතරව කෙසෙල් වල අඩංගු විටමින් කේ, පොටෑසියම්, මැග්නීසියම් වැනි පෝෂක ද අස්ථි වල නීරෝගි බව වඩවයි.
කෙසෙල් අමුවෙන් වෑංජනයක් ලෙස,ඉදුණු පලතුරක් ලෙස,ස්මූති පානයක් හෝ පලතුරු සලාද වලට අමතරව බේක් කරන ආහාර වලට එක්කර පරිභෝජනයට ගත හැකියි.
-අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද සටහනකී-