20211121_182859

සිරස කුමරිය ලෙසින් කලා ක්ෂේත්‍රයට පා තැබූ ශලනි තාරකා මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.ඇය මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ මේ දවස් වල වැඩ කටයුතු ගැන ඇය පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා.

“උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා. ඉදිරියේදි මීටත් වැඩිය රසවත්ව කියාදෙන්න ආදරේ තරම් නරඹන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වෙයි.නිර්වාන්ට අයිතිකාරයෙක් ඉන්න නිසා ස්නේහා හිත හදාගෙන ඉන්නෙ. අපි ඉදිරියේදි බලමු හරියටම මොකක්ද වෙන්නෙ කියලා. ස්නේහාගෙ චරිතය මට සියයට සීයක් සමාන නැහැ. නමුත් ස්නේහාට විඳින්න වුණ සමහර දේවල් මමත් මගේ ජීවිත කාලය තුළ විඳලා තියෙනවා.”

සිරස කුමරිය ලෙසින් කලා ලොවට පැමිණි පා තැබූ ඇය අද අවුරුදු කුමාරිකාවන් ලෙසින් බිහිවෙන තරු ගැනත් මේ විදිහට අදහස් දැක්වුවා.

“මේ වෙද්දි පැජන්ට් සහ අවුරුදු කුමාරි තරගවලින් ඕනම කෙනෙක්ට කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒ කෙනාගෙ පැවැත්ම තීරණය වෙන්නෙ රංගනයට තියෙන හැකියාව, උනන්දුව සහ කැපවීම මත. මමත් ක්ෂේත්‍රයට ආවේ රියැලිටි තරගයක් හරහා. නමුත් රංගනය කියන දේ මම ගොඩනගාගෙන නොතිබ්බා නම් අතරමගදි මගේ ගමන වුණත් නවතින්න ඉඩ තිබුණා.”

ඒ වගේම තවමත් තනිකඩ ඇය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා.
“මටත් හිතෙනවා මම විවාහ වීමට සුදුසු කාලය මේ වෙද්දි හරි කියලා. ළඟදීම ඒ ගැන තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”

About The Author

Leave a Reply