LPL-T20-2022.10.21-1

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL )  තරඟාවලිය සඳහා නව නිල ලාංඡනය එළිදැක්වීම අද (21) සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත් වූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ නිර්මාණ අතරින් මියුලික වීරමන්ත්‍රී නමැති 24 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ තරුණයාගේ නිර්මාණය ජයග්‍රහණය කර තිබේ. ඒ ලාංඡනය ප්‍රධාන වශයෙන්  ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජයග්‍රහණය කරන ලද LPL නිල ලාංඡනයේ නිර්මාණකරුට අමෙරිකානු ඩොලර් 1000ක් පිරිනමා තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැන්න ලබන දෙසැම්බර් 06 වැනිදා හම්බනතොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

About The Author

Leave a Reply