Dishanthi_Wedage_Parenting_2017_04_006

1.තෙල් ගා හිස පීරන්න

වතුර හෝ තෙල් ගෑ විට හිසකෙස් ලිස්සනසුලු බව වැඩිවෙයි.ඒ නිසා හිස පීරීම ද තවත් පහසුයි. ඔබ කැමති තෙල් වර්ගයක් (පොල් තෙල්,ආමන්ඩ් හෝ ඔලිව් තෙල්) ස්වල්පයක් ගෙන හොඳින් හිසකෙස් වල ගල්වන්න.කෙස්කලඹ කොටස් වලට බෙදා, පනාවකින් සීරුවෙන් පහළට පීරන්න.මෙහිදි කෙස්කලඹට යටින් කඩදාසියක් එලාගන්න.මේ සඳහා උකුණු පනාවක් භාවිත කරන්න.

2.හිසට ගැඹුරින් තෙල් සත්කාරයක් ලබාදෙන්න

ටී ට්‍රී තෙල් හෝ යුකැලිප්ටස් තෙල් කෝප්ප බාගයක් මිශ්‍ර කර,නිදාගැනීමට පෙර හිස්කබලේ ගල්වන්න. ෂවර් කැප් එකකින් හිස ආවරණය කරගැනීමෙන් තෙල් කොට්ටයේ තැවරීම වළක්වාගත හැකියි.‍රැයක් පුරා හෝ පැය 12ක් පමණ තබා සෝදා හරින්න. සතියකට වරක් සති 3ක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් දැකිය හැකිවේවි.

3.සුදුලූනු

සුදුලූනු බිකි 8-10ක් ගෙන පොතු ගලවා ,ලෙමන් යුෂ ස්වල්පයක් දමා තලාගන්න.ලෙමන් යුෂ නොමැති නම් ඔලිව් තෙල් භාවිත කළ හැකියි.මින් කෙස් කලඹට හොඳ දීප්තිමත්බවක් ලැබේ.හිසේ ගල්වා පැය බාගයක් තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් සෝදා හරින්න.සුදුලූනු වල සැර ගන්ධය උකුණන්ට ඔරොත්තු නොදෙයි.

4.හිසකෙස් කන්ඩිෂනර් කර පීරාගන්න

හිසකෙස් වල කන්ඩිෂනර් ගල්වා, පනාවකින් හිස පීරන්න.මෙසේ සාමාන්‍ය පනාවකින් කෙස්කලඹ කොටස් කරගත් පසු,උකුණු පනාවක් ගෙන උකුණන් පීරා ඉවත් කරගන්න.කන්ඩිෂනර් යනු උකුණු මර්දකයක් නොවේ. ඉන් සිදුකරන්නේ මිනිත්තු කිහිපයකට ඔවුන්ව අඩපණ කරවීමයි. මේ කාලයේදී ඔවුන්ව ඉතා පහසුවෙන් පීරා ඉවත් කිරීමට ඔබට හැකියි.

5.ලූනු යුෂ

හිසකෙස් ඝනකම් හා නිරෝගී කරවීමට වගේම වේගවත්ව වර්ධනය වීමට ලූනු යුෂ ඉතා ගුණදායීය.ලූනු කැබලි ලෙස කපා බ්ලෙන්ඩර් කරගන්න. රෙදි කැබැල්ලකින් පෙරා යුෂ මිරිකා වෙන්කරගන්න.සෘජුව හිස්කබලේ මේවා අතුල්ලන්න.කෙස්කලඹ ගැට ගසාගෙන, පැය 4ක් පමණ ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගන්න.උකුණු පනාවකින් හිස හොඳින් පීරන්න.පසුව ෂැම්පු ගල්වා හිස හොඳින් පිරිසිදු කරගන්න.

6.බේකිං සෝඩා+කන්ඩිෂනර්

ඔබ භාවිත කරන කන්ඩිෂනර් වර්ගයකින් ස්වල්පයක් බඳුනකට දමා ඊට බේකිං සෝඩා ස්වල්පයක් දමා පේස්ට් එකක් සකසාගන්න.හිස්කබලේ හා කෙස්ගස් වල හොඳින් තවරන්න. මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර, කොණ්ඩය කොටස් වලට බෙදා උකුණු පනාවකින් පීරන්න.බේකිං සෝඩා හිස්කබලේ කැසිල්ල සමනය කරයි.සතියකට වරක් මෙය භාවිත කරන්න.

7.ඇපල් සයිඩර් විනාකිරි

ලේඩින් හිසට ඇලවී සිටින ගම් සහිත ස්වභාවය ඉවත්කරගැනිමට හිසකෙස් ඇපල් සයිඩර් විනාකිරි වලින් සෝදාගන්න. හිසකෙස් මත විනාකිරි වියළෙන්නට තබා උකුණන්ට වාතාශ්‍රය නොලැබෙන සේ හිස්කබල මත පොල්තෙල් ආලේප කරගන්න. ෂවර් කැප් එකකින් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන පැය 8 ක් පමණ සිටිය යුතුයි. පසුව හිස ෂැම්පු දමා සෝදා පනාවකින් ලේඩින් ඉවත්කරගන්න.

8.පෙපර්මින්ට් තෙල්

මේවා උකුණු විකර්ෂයක් ලෙස ක්‍රියාකරයි.ඔබ එදිනෙදා භාවිත කරන ෂැම්පු බෝතලයට හෝ පොල් තෙල් වලට බිංදු කිහිපයක් මිශ්‍ර කරන්න.

-අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද සටහනකී-

About The Author

Leave a Reply