‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය රටවල් 80ක තරගකාරියන් සහභාගීත්වයෙන් මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙසැම්බර් 8 වැනිදා සිට 21 වැනිදා දක්වා සති දෙකක කාලයක් මෙම තරගකාරියන් අසූදෙනා මෙරට ගත කරන අතර, ඔවුන් කුඩා තරග අවස්ථා (පැජන්ට්) 80කට සහභාගී වීමෙන් අනතුරුව අවසන් මහා තරගය පැවැත්වේ.
එම කාලයේදී ඔවුන් මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස හා ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පෙරේදා (19 වැනිදා) පැවැති අතර, එහිදී ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ ජාතික අධ්යක්ෂ මලිත් රණසිංහ ප්‍රකාශ කළේ එමගින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ආදායමක් උපයා දෙනු ඇති බවය.