අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබන 25 වන දිනයෙදී හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න මහතා පැවසීය.
25 වන දින පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට එම අර්ධ සුර්යග්‍රහණය දිස්වන බව ඔහු සඳහන් කරයි.
සුර්ය රශ්මිය ඉතා අඩු අවස්ථාවක අර්ධ සුර්ය ග්‍රහණය සිදුවීම හේතුවෙන් පියවි ඇසින් එය නැරඹීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.
මහාචාර්යය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ සුර්යග්‍රහණයක් යළි ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 5කින් පසුව බවයි