2019-05-30

රංගන ශිල්පිණී අනුෂා දමයන්ති අද (27) විවාහ දිවියට පිවිසෙන බව වාර්තාවේ. බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී ඇගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතය. අනුෂා අතගන්නා මනාලයා වෘත්තියෙන් කායවර්ධන ශිල්පියෙක් වන අමිලයි.

ඔහුට ව්‍යාපාර  කිහිපයක් ඇති බව අනුෂා මින් ඉහත විස්තර කර තිබුණි. ‘එයා එදා ඉඳලා හොද ක්‍රීඩකයෙක්. කායවර්ධනය සම්බන්ධයෙන් ඔහු ලෝකයත් සමග ගනුදෙනු කරන චරිතයක්. ඇත්තට ම ලෝක කායවර්ධන තරගවලට සහභාගි වෙන ක්‍රීඩකයන් පුහුණු කරන විනිසුරුවරයෙක්.‘ අනුෂා පවසා තිබේ.

අනුෂාගේ විවාහය මින් ඉහත අවස්ථා දෙකකදී කල්ගිය බවත් සහරාන්ගේ ප්‍රහාරය හා කොවිඩ් වසංගතය විවාහය පමා කළ බවත් ඇය පවසා ඇති අතර මෙවර හොඳ නැකතක් ලද නිසා විවාහ වන බව පවසන්නීය.

About The Author

Leave a Reply