
දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ මේ දවස් වල ලංකාවේ හැමෝම අතර කතා බහට ලක්වෙන ආදරණීය කපල් එකක්. හැබැයි මේ දෙන්නා ආදරවන්තයන් කියලා ඒ දෙන්නා නම් තාම ප්‍රසිද්ධියේ කියලා නෑ..සංගීත් නම් කියලා තියෙන්නේ දිනිති ගැන යාලූකමකට එහා ගියපු විශේෂ හැගීමක් තියෙනවා කියලා තමයි.. දිනිති කියන්නෙත් සංගීත් කියන කතාවටම සමාන කතාවක් තමයි, හැබැයි ඉතින් මේ දෙන්නා තාම දෙන්නාට දෙන්නා ආදරෙයි කියලා නෑලූ.. හැබැයි ඉතින් මේ දෙන්නා ගේ වැඩ දකින අය නම් කියන්නේ මේ දෙන්නා ලස්සන කපල් එකක් කියලා තමයි..
දිනිති රංගනයට සම්බන්ධ වෙන්න ප්‍රථම ගුවන් සේවිකාවක් විදියට රැකියාව කරලා තියෙනවා..
දිනිති ගෙන් රංගනයට සම්බන්ධවිම ගැන මොකද හිතෙන්නේ කියලා අහපු ප්‍රශ්නයකට ඇය උත්තර දීලා තිබුනේ මෙහෙම.., අවංකවම කියනවා නම් මට රංගනය නිසා වචනයෙන් කියන්න බැරි තරම් දේවල් ගොඩාක් ලැබුනා.. රංගනය නිසා තමයි ලංකාවේම අය දැන ගත්තේ දිනිති වල්ගමගේ කියලා කෙනෙක් ඉන්නවා කියලා.. ඉතින් මට රංගනයට සම්බන්ද වෙන්න ලැබීම ගැන ගොඩාක් සංතෝසයි..
පාසැල් කාලයේදීත් රංගනයට සම්බන්ධ උනාද කියලා අහපු එකට දිනිති දුන්නේ මෙහෙමයි..
ගාල්ල කලාපයේ පැවැති වේදීකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා… මම පාසල් කාලයේ ශේක්ස්පියර් නාට්‍යයේත් රඟපාලා තියෙනවා.. වයස අවුරුදු හතේ දී රාජ්‍ය නාට්‍ය උළෙලේ දී රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් ලැබුනා… ඒ වගේම පාසල් කාලයේ දී සමස්ත ලංකා තරග කිහිපයක් ම වින් කරලා තියෙනවා…
කොහොම උනත් දිනිති පසුගිය දවසක යූටියුබ් නාලිකාවක කියපු කතාවක් නිසා හැමෝගේම අවධානය දිනාගත්තා…. ඒ ඔයාලගේ ලවු ස්ටෝරීය පටන් අරගෙන කොච්චර කල් වෙනවද කියලා රසිකයෙක් අහපු ප්‍රශ්නෙට දුන්නූ පිළිතුරක් නිසා… ඒ උත්තරය තමයි “මම සංගීත් අඳුරගෙන අවුරුදු තුනකට වැඩියි… අපේ ෆ්රේන්ඩ්ෂිප් එකට නම් අවුරුදු එකහමාරක් වගේ වෙන්නේ… මම මුලින් මෙයාට පොඩ්ඩක්වත් කැමති නෑ.. ඒ වගේම මට මෙයාව පේන්න බෑ.. ඇත්තටම කියනවනම් මට මෙයාව පේන්න බැරි උනේ මෙයා ආශ්‍රය කරපු අය හරි නෑ.. මෙයා ආශ්‍රය කරපු කෙල්ලෙක් හිටියා එයා තමයි හරි නැත්තේ…. එයාගේ කට හරිම නෑ.. එයාට පොඩ්ඩක් ට්‍රැක් කෙනෙක්.. මම මෙයත් එක්ක කතා කරාම එයා මෙයාට බනිනවා… ඉතින් මම මොකටද අහක යන කුණු ගාගන්නේ කියලා මෙයාව අයින් කලා… හැබැයි සංගීත්ට එයා එක්ක එෆයා එකක් තිබ්බේ නෑ…. හැබැයි එයා හිටියේ ඒ වගේ… ඒ සම්බන්ධය නතර උනාම තමයි මම මෙයා එක්ක යාලු උනේ… “