රංගන ශිල්පිනියක් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් නිරූපිකාවක් විදිහට බොහෝ දෙනෙක් ගේ ආදරය දිනා ගත්ත තැනැත්තියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ.. සංජානා වැඩියෙන්ම ප්‍රසිද්ධ උනේ BMW කෙල්ල කියලා තමයි…
සංජානා පසුගිය දවස් වල කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ විවාහ ගිවිස ගත් බව ප්‍රසිද්ධ කාරණයක්.. ඇයගේ සැමියා මේ දවස් වල විදෙස්ගත නිසා ඇය ඇයගේ කලා කටයුතු කරගෙන ඉන්නවා කියලා තමයි ආරංචි මාර්ග පවසන්නේ..ඇය විවාහ ගිවිස ගන්න පෙර සිටම කියා සිටියේ කලා ක්ෂේත්රයේ කෙනෙකු සමඟ තමන් විවාහ නොවන බවත්, දියුණු වෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් සමඟ විවාහ වන බවයි..
කාලයක් සංජානා ලගින්ම හිටිය කෙනෙක් තමයි සංගීත් සතරසිංහ.. සංගීත් – දිනිති ආදර කතාව මේ වන විට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධයි. පසුගිය දවසක දිනිති සංගීත් සමඟ සිටි කලා ශිල්පිනියකට චෝදනා කරලත් තිබුනා…
කොහොම උනත් සංගීත් – සංජානා හිතවත්කම ගැන පුවත්පත් සාකච්ඡාවකදී සංජානා කියලා තිබුනේ මෙහෙම කතාවක්… පසුගිය කාලයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සංජානා ඔයා ගොඩක් ලඟින් ආශ්‍රය කරා නේද..? ඔයාලා දෙන්නා පෙම්වතුන් වෙලා ඉඳලා වෙන් උනාද?
අපි අතර යාලූකමකට එහා ගියපු සම්බන්ධයක් තිබුනා… හැබැයි ඒක ආදරයක් නෙමෙයි… කොහොම උනත් මම දැන් සංගීත් එක්ක ලොකු සම්බන්ධයක් නැහැ… අපි යාළුවෝ විතරයි එහෙම තමයි ඉතින්, කාලෙන් කාලෙට කට්ටිය ලංවෙනවා – ආයේ දුරස් වෙනවා.. ඉතින් ඒ වගේ අය මගේ ජීවිතෙන් දුරස් උන එක මම දකින්නේ මගේ වාසනාව විදිහට……