image_b1d906d8de

ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමින් ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය.

මෙම දුම්රිය ධාවනය කර තිබෙන්නේ රියුෂන් දුම්රිය සමාගම විසින් වේ. මෙම දුම්රියේ දුම්රිය මැදිරි 100 ක්  තිබී ඇති අතර එය දිගින් කිලෝ මීටර 1.9 කි. දුම්රිය ධාවනය කර ඇත්තේ උමං මාර්ග 22 ක් සහ පාලම් 48 කින් සමන්විත ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දුම්රිය මාර්ගයකය. එම දුම්රිය  මාර්ගය 2008 වසරේ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර ඇත .

ලොව දිගම මගී දුම්රිය ධාවනය කලේ ස්විස් දුම්රිය සේවයට වසර 175 ක් පිරීම මතකයේ රැඳෙන අයුරින් සැමරීම සඳහා  බව රියුෂන් දුම්රිය සමාගම පැවසුවේය.

About The Author

Leave a Reply