තිළිණි ප්_රියමාලි

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග ගනුදෙනු කළ බවට චෝදනා ලැබ සිටින රංගන ශිල්පිනියන්, නිවේදිකාවන් සහ මෝස්තර නිරූපිකාවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

සැකකාර තිළිණි ප්‍රියමාලි  විසින් ඇය සමග සබඳතා පැවැත්වූ මෙම කලාකාරියන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැරකර ඇති බවට ලැබුණු තොරතුරු මත මොවුන්ගේ ගිණුම් මෙසේ පරීක්‍ෂා කිරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

ඉකුත් (29 දා) ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්  ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

About The Author

Leave a Reply