අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කළ “ඩග්ලස් මුන්රෝ” ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකාව දීර්ඝ ගමනකින් පසුව කොළඹ අද කොළඹ වරායට සේන්දු වුණා.
කොළඹ වරායට සේන්දු වූ ඩග්ලස් මුන්රෝ නෞකාව පිළිගැනීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ” නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්න අතර සියැටල් වාරයේ සිට ගමනාන්තය වූ කොළඹ වරාය අතර දුර නාවික හමුදාවට අයත් නෞකාවක් යාත්‍රා කළ වැඩිම දුරද වේ.
ඩග්ලස් මුන්රෝ නෞකාව පී-627 ධජය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වේ.