50069

Azur Air යන රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම  සහ Air France නම්වූ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව Azur Air ගුවන් සේවය හෙට (03) සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

අනිද්දා (04) සිට ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ගුවන් මෙහෙයුම් යළිත් ආරම්භ වේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් සටහනක් තබමින්  ස්විට්සර්ලන්ත ජාතික ගුවන් සේවය ද එළඹෙන 10 වනදා සිට ශ්‍රී ලංකාවේ ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව සඳහන් කර ඇත .

About The Author

Leave a Reply