ෂෙහාන් කරුණාතිලක මහතා බුකර් සම්මාන දින්නේ තමන්ගේ කතාවක් හොරකම් කරගෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක මහතා චෝදනා කරනවා.
තමන් එම නවකතාව මුද්‍රණය කර ගැනීම සඳහා උදව් ලබා ගැනීමට ෂෙහාන්ට කතා කළ බවත් එහිදී ඔහු තම කතාව හොරකම් කරන ලද බවත් පවසන ඔහු ශෙහාන් කරුණාතිලක මෙතරම් අදම හොරෙක් යැයි තමන් නොදැන සිටි බවත ද කියා සිටියා.
තමන් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ෂෙහාන් විසින් ලබාගත් සම්මානය නැති කරන බවත් තමන්ට සම්මාන නොලැබුණද ගැටලුවක් නැතැයිද ඔහු පවසයි.
තමන් 2009 වසරේදී මෙම නවකතාව ලියූ බවත් 2011 වසරේදී ෂෙහාන්ට දුන් බවත් පවසන ඔහු එනිසා එය හොරකම් නොකලේ යයි ප්‍රකාශ කළ නොහැකි බවද කියාසිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත .