Danushka Gunathilaka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන ඇතයි වාර්තා වෙනවා.

ඊයේ (05) ඔහුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුර ආරංචි මාර්ග පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවූ අතර ධනුෂ්ක ගුණතිලකව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කලා.

ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණිමට පිටත් වී ඇත.

About The Author

Leave a Reply