ධනුෂ්ක ගුණතිලක ව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ගුණතිලක ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවය. ඔහුව හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේම එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.