සරළවම කිව්වොත් කිසිම දැනුමක්, කොලිෆිකේෂන් එකක්, ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න බැරිව මෙහේ එන්න එපා.
රු 100,000ක් පඩි දෙනවා, ජොබ් තියෙනවා කියලා කට්ටිය ඇඩ් දානවා පේජ් වල, රු ලක්ෂ 4 -5 පැකේජ් දෙනවා ජොබ් හොයලා දෙනවා , ඉන්න දෙනවා කන්න දෙනවා එතකන් කියලා, පට්ට බොරු. පට්ට තක්කඩි. උනුත් විසිට් ඇවිත් ජොබ් හොයාගන්න ඇවිත්, කෙලවිලා ඉන්න වෙලාවේ, මේ ජාවාරම කරලා තව එවුන් ටිකක් අමාරුවේ දාන්නේ.
එහෙම පැකේජ් දාන එක තක්කඩියෙක්ටවත් මෙහේ හරි හමන් රස්සවක් නෑ. උන් ජීවත් වෙන්නේ ඒ ජාවාරමෙන්. උනුත් විසිට් ඇවිත් කාලයක් නන්නත්තාර වෙලා දැන් කාට හරි ගිණි ගෙඩියක් දීලා සී ලාංකිකත්වය ප්‍රදර්ශනය කරනවා.
ජොබ් හොයලා දෙනවා කියලා “ජොබ් මනී” (මෙහේ ඉන්න තක්කඩි හදාගත්ත වචනයක්) කියලා තව ඩිරාම් 1000 – 2000ක් අරගෙන අසරණ මිනිස්සුන්ව කොහෙවත් තියෙන බොරු ඉන්ටර්වීව් එකකට සෙට් කරලා සල්ලි අරගෙන මාරු වෙනවා.
ගෙවල් දොරවල් උගස් තියලා මෙහේ ආපු අසරණ මෝඩ මිනිස්සුන්ව තව තවත් වලේ වැටෙනවා. අන්තිමට අඳින ඇඳුමත් නැතිව, ආපහු ලංකාවට යන්න බැරිව, මෙහේ පොලීසියට අහුවෙලා හිරේ විලංගුවෙත් වැටිලා කාලකණ්නිම වෙලා තමයි ලංකාවට යන්නේ.
රු 100,000ක් කියන්නේ මෙහේ ආසන්න වශයෙන් ඩිරාම් 1000ක්. මේකෙන් සාමාන්‍යය විදිහට මෙහේ බෙඩ් ස්පේස් එකක, ඒ කියන්නේ පොඩි කුකුල් කූඩු වගේ කාමරයක, තට්ටු ඇඳන් 4ක් 5ක් දාලා, 10 දෙනෙක් විතර ශෙයාර් කරන, එකම එක වැසිකිලියක් තියෙන, අපායක් වගේ තැනක, ඉඳලා, දෙවේලක් කාලා සතියක්වත් මෙහේ ජීවත් වෙන්න බෑ.
අම්මලා තාත්තලා ලංකාවේ මල් වගේ හදාගත්ත ගෑණු ළමයි, දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න කියලා මෙහේ ආපු සමහර තරුණ අම්මලා ඇඟවල් විකුණනවා බංගලියන්ටයි, පක්කන්ටයි වේලක් දෙවේලක් කන්න.
මෙහේ පබ්ලික් පාර්ක් වල කොල්ලෝ ලංකාවෙන් ගෙනාපු සූට් කේස් එකට ඔලුව තියාගෙන බුදියගන්නවා, හිඟා කනවා වේලකට දෙවේලකට. එහෙම වැටිලා ඉන්න මිනිස්සුන්ට උදව් කරලා දැන් අපිත් හෙම්බත් වෙලා ඉන්නේ.
අමතක කරන්න එපා, ලංකාවේ උඹලට වගේ ලෝකේ අනිත් ඕනෙම එකෙක්ට ඔය විදිහට විසිට් වලින් මෙහේ එන්න පුලුවන්. එහෙම එන උන් අතර ඉන්දියාවේ මාස්ටර්ස් කරපු, පී.එච්.ඩී කොලිෆිකේෂන් තියෙන උනුත් උඹලත් එක්ක ඔය ඩිරාම් 1000 ජොබ් එකට තරඟ කරනවා. උන්ට ඉන්දියන් ඇක්සෙන්ට් එකෙන් උනත් හොඳටම ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් මොකද උන්ගේ ඉස්කෝලවල ද්වීතීක අධ්‍යාපනය දෙන්නේ ඉංග්‍රීසියෙන්.
ලංකාවේ ඕලෙවල්, ඒ ලෙවල් විභාග පාස් නොවුන්ට කමක් නෑ, ආණ්ඩුවෙන් නොමිලේ දෙන තමන්ට කරන්න පුලුවන් කියන ෆීල්ඩ් එකක ටෙක්නිකල් කෝස් එකක් කරන්න.
“NVQ (National Vocational Qualification)” ලෙවල් 3 – 4 වගේ / ඩිප්ලෝමා / හයර් ඩිප්ලෝමා වගේ පේපර් කොලිෆිකේෂන් හදාගෙන, අවුරුදු දෙකක් විතර ලංකාවේ කොහේ හරි වැඩ කරලා එක්ස්පීරියන්ස් හදාගෙන කෙලින්ම කම්පැණි වල වේකන්සි වලට ඇප්ලයි කරලා හරි පාරෙන් වරෙල්ලා…
ලංකාවේ බහුබූත ටෙලි නාට්ටි බල බල ඉන්න වෙලා ඩේටා කාඩ් එකක් දාගෙන යූ.ටියුබ් එකේ තියෙන වීඩියෝ බලලා හරි ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ඉගෙන ගනිල්ලා.
ගෙදර බල්ලත් එක්ක හරි ඉංග්‍රීසියෙන් කතා කරගෙන කඩ්ඩ හදා ගනිල්ලා. ඉංග්‍රීසි වරද්ද වරද්ද කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. වරද්ද වරද්හ කතා කරේ නැත්තම් උඹලට ජීවිතේට ඉංග්‍රීසි කතා කරන්න හම්බවෙන්නේ නෑ.
අපි වැඩ කරන කම්පැණි වල වේකන්සි ආවාම අපි කොහොම හරි ට්‍රයි කරනවා ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක්ව ඒවට ගෙන්න ගන්න. එහෙම ඕනතරම් කරලා කොල්ලෝ කෙල්ලෝ මෙහේ ඇවිත් හොඳින් ජීවත් වෙනවා.
එහෙම එකෙක්ව ගොඩ දැම්මම, උගේ වටේ පිරිසක් ලංකාවේ ගොඩ යනවා. ඌ යවන ඩොලර් එකෙන් ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍යය බෙහෙත් ටික, තෙල් ටික, විදුලිය සපයන්න පුලුවන්.
එහෙම කරා කියලා ඉන්බොක්ස් ඇවිත් අනේ අයියේ කොහොම හරි ජොබ් එකක් හොයලා දෙන්න කියලා කිව්වම, අපි අතේ ජොබ් තියාගෙන ඉන්නේ නෑ. මොනාද කොලිෆිකේෂන් කියලා ඇහුවම, “අයියේ මම ඕලෙවල් වලින් පස්සේ ගමේ බෝක්කුව යට අවුරුදු 4ක් තිස්සේ කාවයියෝ අල්ලලා තියෙනවා” (කෝසළ මල්ලිගේ වචන කෝසල එදිරිසිංහ) වගේ කතා තමයි කියන්නේ. ෂෝර්ට් කට් වලින් මෙහේ ජොබ් මාර්කට් එකට එන්ටර් වෙන්න බෑ.
ඔන්න කතාව සංශික්ප්තව. මේ ටික කියවන්න සාක්ශරතාවයක් තියෙනවා නම් කියවලා තේරුම් ගනිල්ලා.
@Dushan Karawta AKA දුමී