2022.11.26.9h56m37s

ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වල මෙන්ම දකුණු ආසියාවේ ප්‍රචලිත ශාකයක් තමයි කටුරොලු කියන්නේ. මේ ශාකය Blue Tea, Butterfly-blue pea, blue pea හා Asian Pigeonwings නම් වලින් ලොව පුරා භාවිතා වෙනවා. මෑතකදී ඉදන් ලොවපුරා මේ ශාකය පිලිබදව කතා බහට ලක් වෙන්න ගත්තේ මෙම ශාකය මගින් අපට ලැබෙන ඖෂදීය වටිනාකම නිසා. මේ දිනවල කටරොලු ශාකය ප්‍රචලිත උනත්, අතීතයේ සිටම ලොව පුරාම මෙය බහුලව භාවිතා වන ඖෂදයක්. ලංකා ඉතිහාසයේ ද කටරොලු විවිධ රෝග සුව කරන්න ප්‍රයෝජනවත් වූ බව ඉතිහාස පොත පතේ සදහන් වෙලා තියෙනවා.

මෙම ඖෂධය තායිලන්තය, වියට්නාමය, පිලිපීනය හා මැලේසියාව වැනි රටවල නොයෙකුත් ආහාර, පාන, බෙහෙත් හා රූපලාවන්‍ය නිශ්පාදනයට බහුලව ඉතිහාසය පුරාවටම භාවිතා වෙලා තියෙනවා.

අපි බලමු නිල් කටරොලු- වල ඖෂධීය වටිනාකම.

1. නිල්කටරොලු පංචාන්ගයම තම්බා ගෙන සදා ගත් කසාය වලට සෙම්ප්‍රතිශයාව සුව කරගැනීමේ විශේෂ හැකියාවක්තියෙනවා .

2, මුල් වියලා කුඩු කර දුම් අල්ලා ගැනීමෙන් සෙම් රෝද සුව කරන්න පුළුවන් .

3 කෘමි සහ සර්ප ,දෂ්ට වල විෂ නැසීමටත් කටරොලු මුල් කසාය භාවිතා කල හැකි .

4 අර්ශස්නිසා ඇතිවන ලේ ගැලීම් සහ අර්ශස් නිසා හට ගන්නා ගෙඩි සුවපත් කරගැනීමට නිල් කටරොලු පංචාන්ගයමකුඩු කර සදාගත් ආලේපය භාවිතා කල හැකියි .

5. කාන්තාවන්ගේසහ පිරිමින්ගේ වද භාවය ,ගර්භාෂය ආශ්‍රිත රෝග ,අර්තව වේදනාව ,සිරුරේ ඇතිවන ඉදිමුම් වේදනාව,සමනය කරන්න කටරොලු කසායට හැකියි .

6. කටරොලු පත්‍ර කිහිපයක් අබරා යුෂ බින්දු කිහිපයක් ආශ්වාස කිරීමෙන් ,තද බල හිසේ කැක්කුම සමනය කල හැකියි .

7. ගස්ට්‍රියිටිස් රෝගය සුවපත් කරයි .

8.නිල්කටරොලු මල් පානය කිරීමෙන් වයසට යාම පාලනය කරතාරුණ්‍යය රැක් දෙනවා.

9 නිල් කටරොලු මල් පානය කිරීමෙන් රුධිරයේ සිනි මට්ටම පාලනය කර ප්‍රති ඔක්සිකාරක හැකියාවවර්ධනය කිරීමට උපකාරී වෙනවා.

10. පිළිකාකාරක වලින් සම ආරක්ෂා කර දෙන අතරම මනස සැහැල්ලු කර මානසික ආතතිය අඩු කරයි .

නිල් කටරොළු මල් පානය හදාගමුද ?

මේ සදහා අපිට පහත දේවල් ඕනේ වෙනවා ,

1, නිල් කටරොළු මල් 5ක් පමණ

2 සිනි තේ හැන්දක් (අවශ්‍ය නම් පමණක් )

3.ලුණු සහ දෙහි සවල්පයක්

උතුරා ගත් ජලය වීදුරුවකට නිල් කටරොළු මල් දමා මිනිත්තු 10ක් පමණ තබන්න .

මල් ඉවත් කර එයට දෙහි ලුණු සහ සිනි යොදා මිශ්‍ර කර පානය කරන්න .

ඉතාමත් ගුණවත් පානයක් වන මෙය දිනපතා භාවිතා කිරීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිපල ලබාගන්න පුළුවන් .

About The Author

Leave a Reply