
විදෙස් වෙළෙඳ පොළට ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් යැවීම ආරම්භ කිරීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුනා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කරන ලද ඇඹුල් කෙසෙල් මෙසේ පළමු වරට ඩුබායි රාජ්‍යට අපනයන කිරිමට කටයුතු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලා. ඒ රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය සඳහා ආරම්භ කරන ලද කොළඹ වොක්ෂෝල් විදීයේ පිහිටි Development Interplam Ceylon (Pvt) Ltd ආයතනයේ පැවැති උත්සවයකදී.
ඇඹුල් කෙසෙල් කිලෝ 12500ක් තොගයක් පළමු වරට වරට අපනයන කිරිමට නියමිත අතර මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදාට ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි රාජ්‍යට අපනයන කිරිමට කටයුතු යොදා ඇත. එමගින් සතිපතා ඩොලර් 10000ක ආදායමක් රටට ලැබෙනු ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.