pea-flower-food-and-drink-recipes-3

නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක් වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් තිබෙන ,  ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ .දියවැඩියාව , පිළිකාව , ආමාශගත රෝග, මළ බද්ධය මෙන්ම තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධයක් වන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් ගැන ගෙනෙන ලිපි පෙලෙ පලමු ලිපිය තමයි අද අරගෙන එන්නේ .ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක අමතක කරන්න එපා .

 

⚫. නිල් කටරොළු බත් –

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. නිල් කටරොළු මල් 10-15
  2. ලියාගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  4. කුරුඳු පොතු කෑල්ලක්
  5. කරදමුංගු ඇට 2
  6. ස්ටාර් අනීස් 1
  7. කජු ග්‍රෑම් 50
  8. ගී ඔයිල් මේස හැඳි 2
  9. සීනි මේස හැඳි 1
  10. බේ ලීෆ් 1
  11. පොල්කිරි කෝප්ප 2
  12. බාස්මතී හාල් කෝප්ප 4
  • හාල් ටික සෝදල විනාඩි 20ක් පෙඟෙන්න තියන්න. ඒ අතරතුර නිල් කටරොළු මල් වලට වතුර කෝප්ප 1/2ක් දාලා ලිපේ තියන්න. වතුර උතුරනකොට ලිපෙන් බාලා යුෂ ටික පෙරාගන්න.
  • පෑන් එකකට ගී ඔයිල් ටික දාලා කජු ටික දාලා රෝස්ට් කරගන්න. ඒ ටික අයින් කරලා ඒකටම ස්ටාර් අනීස්, කරදමුංගු, කුරුඳු පොතු හා ඉඟුරු ටික දාගන්න. ටිකකින් ළූණු සහ බේ ලීෆ් එක දාගන්න.
  • හාල් වල වතුර හොඳින් බේරගෙන මේකටම දාල හොඳට කලවම් කරගන්න.
  • දැන් නිල් කටරොළු යුෂ හා පොල්කිරි දාලා තව අවශ්‍ය නම් වතුර දාලා සීනි සහ ලුණු දාගෙන බත තැම්බෙන්න තියන්න.
  • බත පිසගෙන උඩින් රෝස්ට් කරගත් කජු ටික දාගන්න.

 

රස කොහොමද කියලා සසත අපටත් කියන්න …

 

About The Author

Leave a Reply