
උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.
චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි. ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ .
උතුරු කොරියාව 2017 වසරේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කල අතර පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.
උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට ඇමෙරිකාව , දකුණු කොරියාව සහ ජපානය ද එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.
පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය.චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් බව පැවසේ .