pea-flower-food-and-drink-recipes-2 (1)

නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක් වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් තිබෙන ,  ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ .දියවැඩියාව , පිළිකාව , ආමාශගත රෝග, මළ බද්ධය මෙන්ම තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධයක් වන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් ගැන ගෙනෙන ලිපි පෙලෙ දෙවන  ලිපිය තමයි අද අරගෙන එන්නේ .ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක අමතක කරන්න එපා .

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. නිල්කටරොළු මල් ග්‍රෑම් 100
  2. උණුවතුර වතුර කෝප්ප 1/2
  3. ජෙලටින් මේස හැඳි 1
  4. කැමති එසන්ස් වර්ගයක්
  5. වැනිලා ස්වල්පයක්
  6. සීනි කෝප්ප 1/2

 

  • උණුවතුර වලට නිල්කටරොළු මල් දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 20කට පස්සෙ මල් ටික මිරිකලා පෙරලා ගන්න.
  • දැන් මේකට තවත් වතුර කෝප්ප එකක් දාලා ලිපේ තියන්න. ඒ අතරෙ ජෙලටින් ටික වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න.
  • ලිපේ තියපු මල් යුෂ වලට සීනි දාලා දියකරන්න. ටිකකින් ජෙලටින් ටිකත් දාලා හොඳට දියකරගන්න. හොඳට හැඳිගාලා විනාඩි 7කින් ව්තර වැනිලා හා එසන්ස් බිංදුවක් දාලා ලිපෙන් බාගන්න.
  • දැන් මේක නිවෙන්න තියලා බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.

රස කොහොමද කියලා සසත අපටත් කියන්න …

About The Author

Leave a Reply