ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස කටයුතු කල ඊ. කුෂාන් නමැත්තා කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගෘහ සේවිකාවන් ලෙස එරට ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අතවර කිරීම හා මිනිස් ජාවාරම් කිරීම යන චෝදනා ඔහුට එල්ල වීම මත ඔහුගේ සේවය අත්හිටුවා මෙරටට කැදවා තිබුන අතර ඕමානයේ සිට අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.