pea-flower-food-and-drink-recipes-1 (1)

නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක් වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් තිබෙන ,  ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ .දියවැඩියාව , පිළිකාව , ආමාශගත රෝග, මළ බද්ධය මෙන්ම තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධයක් වන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් ගැන ගෙනෙන ලිපි පෙලෙ තුන්වන ලිපිය තමයි අද අරගෙන එන්නේ .

ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක අමතක කරන්න එපා .

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වේලාගත් නිල් කටරොළු මල් ග්‍රෑම් 100
  2. උණුවතුර කෝප්ප 1
  3. සීනි තේ හැඳි 2
  4. ලුණු ස්වල්පයක්
  5. දෙහි යුෂ ස්වල්පයක්
  6. අයිස් කැට කිහිපයක්

 

  • උණුවතුරට මල් ටික දාලා විනාඩි 20ක් තැම්බෙන්න තියන්න. මේකෙන් ලස්සන නිල්පාටක් එනවා දැන් මේ යුෂ ටික නිවෙන්න තියලා සීනි හා ලුණු දාගන්න.
  • කලවම් කරලා අයිස්කැට දාලා දෙහි යුෂ ටිකක් දාලා බොන්න. දෙහි යුෂ එකතු කරාම මේ බීම එකට ලස්සන දම් පාටක් ලැබෙනව.

 

රස කොහොමද කියලා සසත අපටත් කියන්න …

About The Author

Leave a Reply