ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා (Mauna Loa) වසර 40කට පසු පුපුරා ගොස් තිබෙනවා.
මෙම ගිනි කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 13679 (මීටර් 4169) උස වන අතර වර්ග සැතපුම් 2000 (වර්ග කිලෝමීටර් 5179) කට වැඩි ප්‍රදේශයක විහිදී තියෙනවා.
ගිනි කන්ද පිහිටි ප්‍රදේශයේ අවට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළු වැටීමේ අවදානම පිළිබඳව කලින් අනතුරු අඟවා තිබෙන බවද සඳහන් වනවා
Mauna Loa 1843 සිට 33 වතාවක් පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
මීට පෙර 1984 වසරේදී පුපුරා යාමෙන් දිවයිනේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන Hilo සිට සැතපුම් 5 ක් ඇතුළත ලාවා ගලා ගොස් තිබෙනවා