4850d298c656acaadd1cfb374b089947_XL

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා ගුණතිලක යන දෙපලගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක කියන්නෙ අපෙ රටේ සංගීත ලෝකයට නැතුවම බැරි සුපිරි තරුවක්.

ඇය එක්තරා පුවත්පත් සාකච්ඡාවක් සමග පසුගිය දිනයක දී එක්වෙමින් ඇය පවසා තිබුණේ මේ වන විට තමන්ගේ විවාහයෙන් වෙන්වී තනිකඩ ජීවිතයක් ගත කරන බවයි.

ඒ වගේම ඇය වැඩිදුර අදහස් ද දක්වා සිටියා.

” මම ගොඩක්ම කැමැති වෙන්නේ මගේ පාඩුවේ නිදහසේ ඉන්න.කොච්චර හිනා වෙලා හිටියත් මිනිස්සුන්ට ප්‍රශ්න එනවා.ඒ ප්‍රශ්න තමයි මිනිස්සුන්ව ජීවිතයේ ඉදිරියට තල්ලු කරන්නෙ.මම කැමැතියි නිතරම ධනාත්මකව සිතන්න.

ප්‍රශ්න මැදින් යන ජීවිතය තමයි සාර්ථකම වෙන්නේ.හැමදාමත් මම මගේ අරමුණු ඉලක්ක වෙනුවෙන් ජීවත් වුණ කෙනෙක්.වයස අවුරුදු 16දී තමයි මම සංගීතය කරන්න පටන් ගත්තේ. ඒ වගේම මම කසාද බඳින්නේ වයස අවුරුදු 24දි.කසාද බැන්දට පස්සේ මම වැඩ කරන එක ටිකක් විතර අඩු කළා. පසුගිය කාලයකදි තමයි මට හිතුණෙ මම කැමතිම කරන සංගීතය නතර කරන්නේ ඇයි කියලා.

පසුගිය කාලයේදී මට හිතුණා මම ඉන්නේ ගොඩක් ආතතියකින් කියලා. මේ විදියට දිගටම හිටියොත් නම් මට කිසිම යහපතක් වෙන්නේ නැහැ කියලා හිතුවා.ඒ නිසා තමයි මම හිතුවේ වෙනස් වෙන්න.ගිය අවුරුද්දේ අගෝස්තු වල තමයි මම වෙනස් උනේ.මම මාත් එක්කම කතා කරලා තමයි මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න හිතුවේ.ඊට පස්සේ කළුවරට බය හින්දා ගීතය කලා.ඒ ගීතය තමයි මගේ ජීවිතය ආපහු පටන් ගන්න ලොකු හයියක් උනේ.”

ඇයි මේ විදිහට තමයි අදහස් දක්වා සිටියේ. ඇගෙ අනාගත කටයුතු වලට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.

About The Author

Leave a Reply