නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක් වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් තිබෙන , ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ .දියවැඩියාව , පිළිකාව , ආමාශගත රෝග, මළ බද්ධය මෙන්ම තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධයක් වන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් ගැන ගෙනෙන ලිපි පෙලෙ හතරවන ලිපිය තමයි අද අරගෙන එන්නේ .
ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක අමතක කරන්න එපා .
අවශ්‍ය ද්‍රව්‍ය
- නිල් කටරොළු යුෂ කෝප්ප 1/4
- කැකුළු හාල් කෝප්ප 1
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 4
- සුදුළූණු බික් 4-5
- ලියාගත් රතුළූණු ගෙඩි 3
- ලුණු
- හාල් සෝදලා දියකිරෙන් ලිපේ තියන්න. දියකිරි ටිකක් වැඩිපුර දාගත්තට කමක් නෑ.
- බත තැම්බුණාම ඒකට සුදුළූණු හා රතුළූණු දාගන්න. තව ටිකක් තැම්බෙන්න තියලා පොල්කටු හැන්දෙන් බත් පොඩි කරලා මිටිකිරි හා නිල් කටරොළු යුෂ දාලා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරනකොට ලිපෙන් බාගන්න.
රස කොහොමද කියලා සසත අපටත් කියන්න …