pea-flower-food-and-drink-recipes-4

නිල්කටරොළු ඇත්තෙන්ම ගොඩක් හොඳ ඖෂධයක් වගේම ඉහළ ව්‍යවසාය වටිනාකමක් තිබෙන , ඒ වගේම ගොඩක් ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ .දියවැඩියාව , පිළිකාව , ආමාශගත රෝග, මළ බද්ධය මෙන්ම තවත් රෝග රැසකට ගොඩක් හොඳ ඖෂධයක් වන නිල් කටරොළු ශාකයේ මල් වලින් පිළියෙළ කරගන්න පුළුවන් ආහාර වර්ග ටිකක් ගැන ගෙනෙන ලිපි පෙලෙ පස්වන ලිපිය තමයි අද අරගෙන එන්නේ .

ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නැති නිසා ආහාරයට ගන්න ඕන ප්‍රමාණාත්මකව කියන එක අමතක කරන්න එපා .

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. නිල්කටරොළු යුෂ කෝප්ප 1/4
  2. එළවළු තෙල් කෝප්ප 1/4
  3. පාන්පිටි ග්‍රෑම් 80
  4. බිත්තර කහමද 3
  5. බිත්තර සුදුමද 3
  6. බිත්තර 1
  7. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  8. සීනි ග්‍රෑම් 80
  9. ලුණු රස අනුව
  10. වැනිලා ස්වල්පයක්

 

  • පෑන් එකකට තෙල් ටික දාලා රත් කරගන්න. රත් කරගත්ත තෙල් ටික බෝල් එකකට දාගන්න. මේකට පාන්පිටි දාලා කලවම් කරගන්න. කැට නැති වෙනකල් විස්ක් කරගන්න.
  • ෆ්‍රෙශ් මිල්ක් ටික ටික දාලා විස්ක් කරගන්න. බිත්තරය එකතු කරගන්න. හොඳට විස්ක් කරගන්න.
  • වෙනම බෝල් එකක බිත්තර සුදුමද බීට් කරන ගමන් ඒකට සීනි එක්කරමින් ස්ටිෆ් (පුළුන් වගේ වෙනකල්) බීට් කරන්න.
  • මේක කේක් මිශ්‍රණයට දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. කේක් මිශ්‍රණයට නිල් කටරොළු යුෂ මේස හැඳි 3ක් වගේ දාලා කලවම් කරගන්න.
  • බිත්තර කහමද ටික වෙනම විස්ක් කරලා මේකට එකතු කරන්න.
  • දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.

 

About The Author

Leave a Reply