චම්පා කල්හාරි කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණ ගායන ශිල්පිනියක් . ඇය ඉන්දියානු ආභාෂය සහිත ගීත ගායනා කරන අතර ඇය අපේ රටේ වගේම ජාත්‍යන්තරය තුළ ද නම රැන්දු කෙනෙක්. ඒ වගේම ලංකාවෙි සංගීත කලාව වෙනුවෙන් අද්විතීය සේවය කළ අයෙක්.
පසුගිය දිනයක දී ඇය එක්තරා යූටියුබ් සාකච්ඡාවක් සමග එකතු වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.
” මම සිංගල් මාම් කියන concept එක ඇතුලේ ජීවත් වෙන කෙනෙක්. ඒක අපේ රටට අලුත් දෙයක් වගේ සමහර අය දැක්කත් ඈත අතීතයේ ඉඳන්ම මේක තිබුණ දෙයක්.තියෙන එකම වෙනස තමයි මේ වචනය අලුත්.නමුත් අපේ අම්මලා කිසිම දවසක දරුවන් දාලා ගියේ නැහැ.අම්මා නැති උනොත් තාත්තලත් බලා ගත්තා.
එතන සිංහල වෙන්නේ අම්මා ද තාත්තා ද කියන එක නෙමෙයි ප්රශ්නය වෙන්නේ.එතනින් එහාට ජීවිතයේ මුහුණ දෙන්න පුදුමාකාර ශක්තියක් තියෙන්න ඕන.”
ඇය මේ විදියට තමයි අදහස් දක්වා සිටියෙ. ඇගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.