
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා සිට ආරම්භවීමට නියමිත අතර තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ඊයේ (4) සිට ආරම්භ කර තිබෙනවා.
එළඹෙන 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර පලමුව මිලදී ගත හැකි බවත් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලය තුළ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
රුපියල් 300, 500, 800, 2,500, 3,000, 7,000 හා 8,000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා