මාවරමණ්ඩිය, නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දෙවුම් සනහස් රණසිංහ 14 හැවිරිදි වියේ පසුවන දරුවෙක් වන අතර ඉකුත් 2021 වසරේ ඔහු වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දී ඇත. ඉන් ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂය තුනටම ‘B’ සාමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී ඇත්තේ මෙතෙක් කලක් උසස් පෙළ විභාග ප්‍රතිඵල වාර්තා අලුත් කරමිනි.
සනහස් වාර්තා පොත් අතරට එක් වනුයේ මෙරට විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වරම් දිනාගත් ළාබාලතම සිසුවා ලෙසය. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත්ව ඇත්තේ ක්‍රීඩා, විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහාය. ඔහු පිළිගැනීම සඳහා ඉකුත්දා (5දා) ඉගෙනුම ලැබූ මාවරමණ්ඩිය, නැණමල් රාජකීය විද්‍යාලයේදී පිළිගැනීමේ උළෙලක් එම විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබිණි.
එහිදී විදුහල්පති එන්. ජී. රන්බණ්ඩා, අධ්යක්ෂ අනුර රණසිංහ හා අධ්‍යක්ෂිකා මල්කා රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා පැමිණියහ. එම විද්‍යාලයේ අධ්යක්ෂ අනුර රණසිංහ හා අධ්‍යක්ෂිකා මල්කා රණසිංහ දෙපළ දෙවුම් සනහස් රණසිංහගේ මවුපියෝ වෙති.