මේ වන විට බහුලව ලෝකය පුරා වර්ධනය වෙමින් පවතින බවට වාර්තා පළ වී ඇති ඩිමෙන්ෂියා, ඇල්සයිමර් යන නම්වලින් හදුන්වන මොළයේ සෛල විනාශ වීමේ රෝගය පාලනය කළ හැකි ඖෂධයක් පළමු වරට සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබේ.
මෙම ඖෂධය මගින් විනාශ වුණු මොළයේ සෛල යථාතත්ත්වයට පත් වන බවට මෙතෙක් පැවති පර්යේෂණවලින් තහවුරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ඖෂධය lecanemab යනුවෙන් නම් කර ඇති බව ය.
ඇල්සයිමර් හෙවත් ඩිමෙන්ෂියා නම් වු මෙම රෝගී තත්ත්වයට පත්වූවන්ගේ මතකය නැති වී යන අතර මේ සදහා මෙතෙක් සාර්ථක ඖෂධයක් නිෂ්පාදනය කර නොතිබිණි.