ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අද (දෙසැ. 6) විවාහයෙන් පිට ලිංගික හැසිරීම් තහනම් කිරීමට පියවර ගත්තේ ය.ඒ අනුව එම නීතිය තව වසර තුනකින් බලාත්මක වනු ඇත.
එම නීතිය ඉන්දුනීසියානුවන්ට මෙන් ම එරට සංචාරකයන්ට ද අදාළ වන බව සඳහන් වේ.
ඒ අනුව, බාලි සංචාරය කරන අවිවාහකයන්ට තනි කාමර ලබා දීම, එක්ව ජීවත් වීම තහනම් කිරීමට ද නියමිත අතර ඊට පටහැනිව ලිංගිකව එක් වන්නන්ට වසරක් දක්වා සිරදඬුවම් මෙන් ම විශාල දඩ මුදලක් ද නියම කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.