1667218406-driving-licenses-6

ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන බවත් ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පැවසීය.

එහෙම අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්‍රයට අයදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා කීය.

About The Author

Leave a Reply