මෙතෙක් බිහිවූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකිය හැකි බ්‍රසීල පාපන්දු ශූර පේලේ දිවි ගමන නිමා කළේය.මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.
ඔහු තම රට වෙනුවෙන් වසර 21ක තරග දිවියක් තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබුවේය.තරග 92කදී ගෝල 77ක් වාර්තාකිරීමද විශේෂිතය.
1958, 1962 සහ 1970 දී කුසලානය ඔසවමින් තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට දිනවූ එකම ක්‍රීඩකයා වන පේලේ 2000 දී FIFA හි සියවසේ ක්‍රීඩකයා ලෙසද නම් කරන ලදී.
පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය. පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි. පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.
පේලේගේ මරණය සැලවීමෙන් පසු බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.