මේ වන විට වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් බිත්තර සඳහා වෙළඳ පොළේ ඇති වී තත්වය කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරමින් බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.