image_743d20dc0f

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සංචාරයක නිරත විය.

කොළඹවරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට මෙම වසරේ දී පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද ඔහු වේ.කොළඹ වරාය නගරය වෙත ආයෝජකයින් ආකර්ෂණය කිරීම සඳහා සහය ලබාදීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ විය.

කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූයන මහත්ම මහත්මීන් මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා සමඟ සාකච්ඡා සඳහා ද එක්විය.

About The Author

Leave a Reply