swarnamahal-800x445

ස්වර්ණමහල්  ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් තීරණය කළ බව මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

මෙම තීරණයත් සමගින්ම ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යපාර පනතේ විධිවිධාන යටතේ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවසර නොමැති බව සඳහන් වෙයි.

එසේම එම සමාගම වෙත කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකයද අවලංගු කිරීමට තීරණය කෙරී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ.

 

 

About The Author

Leave a Reply