
තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.සිරියානු දේශ සීමාවට කිලෝ මීටර 90 පමණ දුරින් තුර්කියේ මෙම භූමිකම්පාව හට ගත්තේය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 1500ක් මිය යන්නට ඇති බවයි.
තුර්කි හා සිරියානු වැසියන් 6000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවල දැක්වෙයි.