WhatsApp Image 2023-02-06 at 9.45.24 PM

මෙරට ප්‍රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

‘වයඹ පුවක් අරුණ’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය පුවක් වගාවට යෝග්‍ය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර, එය වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ.

පුවක්, කරුංකා මෙරට අපනයන භෝගයක් වන අතර, ආසියානු කලාපය තුළ කරුංකා සඳහා ඇති ඉල්ලුම අනුව මෙරට වාර්ෂික පුවක් අස්වැන්න සිව් ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු බවත්, ඉදිරි වසර හය තුළ දේශීය පුවක් අස්වැන්න ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්, වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා පැවසීය.

ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ආදී රටවලින් ලැබෙන පුවක් ඉල්ලුම සපුරාලීමට හැකි වුවහොත් වාර්ෂිකව ඩොලර් කෝටි 10ක විදේශ විනිමයක් උපයාගත හැකි අතර, වගා කරුවන්ට ද ඉහළ මිලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply