බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී ඇතැයි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන පිළිබඳ නිරීක්ෂණ අංශය පවසයි.
එය රික්ටර් පරිමාණ මාපාංක තුනක පමණ සුළු භූ චලනයක් බවත් ඒ හේතුවෙන් කලබල වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12.13 දක්වා විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර, එය වැල්ලවාය සහ හඳපානාගල ආදී ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.