මෙරට තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මිත්‍ර රාජ්‍යයන් ලෙස දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඇතුළු පිරිස සමඟ සුහඳ කථා බහකට එක් වූ අතර මෙම හමුව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා විසින් සමරු තිළිණයක් ද පිළිගැන්විය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන් ද, පාකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් (Rear Admiral Abdul Basit Butt) මහතා ඇතුළු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.