පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන ආකාරයට බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාවට හේතු වී ඇත්තේ ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් වේ.
දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම සිදුවෙමින් පවතින බවත් එම බිඳී යාම සිදු වන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බව ද මහාචාර්යවරයා පවසයි .
මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා පැවසීය .