Peugeot_306_airbags_deployed

නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනයේ යෙදෙන බව අනාරවණය වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ වායු බැලූන ක්‍රියාකාරිත්වයේ දී රියදුරාට ඉතා අවදානම් විය හැකි වර්ගයේ මෝටර් රථ ඇතුළු සුපිරි පන්නයේ ජීප් රථ ද මෙලෙස මාර්ගයේ ධාවනය වන බවට තහවුරු වී ඇති බවයි.

ඒ අනුව අවදානම් කාණ්ඩයට අයත් මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම වාහන ආනයනික ඒජන්ත සමාගම්වලින් අදාළ වාහන හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන වාහන යළි කැඳවීමට පියවර ගෙන ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මෑතකදී මෙරට සිදුවූ අනතුරකදී තරුණ විද්‍යාඥයෙකුගේ දිවි අහිමිවීමට වායු බැලුනයේ දෝෂයක් හේතුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී එම කරුණු අනාවරණය වී තිබේ.

About The Author

Leave a Reply